මෙවර ඔස්ටේ්‍රලියා මැතිවරණයේ ජයග්‍රාහකයා තේරීම Tik-Tok වලින් ?? – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙවර ඔස්ටේ්‍රලියා මැතිවරණයේ ජයග්‍රාහකයා තේරීම Tik-Tok වලින් ??

මෙවර ඔස්ටේ්‍රලියා මැතිවරණයේ ජයග්‍රාහකයා තේරීම Tik-Tok වලින් ??

ෆෙඩරල් මැතිවරණයට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ඡන්දය ජයගැනීම සඳහා ඔස්ටේ්‍රලියානු දේශපාලනඥයන් මෙවර සමාජ මාධ්‍ය මෙහෙයුම් නවතම මුහුණුවරකින් ආරම්භ කර තිබෙනවා.

පසුගිය වසරවලදී ෆේස්බුක් වැනි සමාජ ජාල කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ ඔවුන් මෙවර නැඹුරු වී ඇත්තේ ටික් ටොක් සමාජ ජාලය කෙරෙහි බවයි නවතම අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

කෙසේවෙතත් ටික් ටොක් රෙගුලාසි අනුව සෘජුවම දේශපාලන ප්‍රවර්ධන කටයුතු සිදුකල නොහැකි බැවින් ඔස්ටේ්‍රලියානු දේශපාලනඥයන් වක්‍රාකාරයෙන් ප්‍රචාරණ කටයුතු සිදුකරන ආකාරයක් දැකගත හැකි වනවා.

විශේෂයෙන් එළඹෙන මැතිවරණයේදී තරුණ ඡන්ද අතිශය වැදගත්වීමත් ඔවුන් මේ වනවිට ටික් ටොක් සමාජ ජාලය කෙරෙහි ඉහළ නැඹුරුවක් දැක්වීමත් ඊඨ හේතුවයි.

එමෙන්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන චරිතවලට අපහාස කිරීම්ද බහුලව දක්නට ලැබෙන අතර එහි ප්‍රධාන ඉලක්කයක් බවට අගමැති ස්කොට් මොරිසන් පත්ව සිටින ආකාරයක් දැකගත හැකියි.

https://9now.nine.com.au/a-current-affair/social-media-platform-tiktok-used-by-politicians-hoping-to-win-votes/655110cb-b21c-4724-bb88-df328ebb46ea

COMMENTS