74 වන නිදහස් දිනය වෙනුවෙන් උත්සවයක් මෙල්බන් කොන්සල් කාර්යාලයේදී – AusLanka TV – Australian News for the Sri Lankan community

74 වන නිදහස් දිනය වෙනුවෙන් උත්සවයක් මෙල්බන් කොන්සල් කාර්යාලයේදී

74 වන නිදහස් දිනය වෙනුවෙන් උත්සවයක් මෙල්බන් කොන්සල් කාර්යාලයේදී

ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් වන උත්සවයක් මෙල්බන් නුවර කොන්සල් කාර්යාලයේදී අද පැවැත්වුණා.

ඒ කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර සංගමය විසින්ද නිදහස් දිනය වෙනුවෙන් සුභ පැතුම් පිරිනමා තිබෙනවා.

දෙරට අතර වෙළඳ – ආයෝජන ඇතුලු ක්ෂේත්‍ර රැසක දීර්ඝ සබඳතාවය එමගින් සිහිපත් කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචිවි සිටින බවයි වික්ටෝරියා පාර්ලිමේන්තු මිත්‍ර සංගමය පෙන්වා දෙන්නේ.

ප්‍රාන්තයේ ආර්ථිකය නගා සිටුවීමට ඔවුන්ගෙන් ලැබෙන කැපවීම අතිමහත් බවද ඔවුන් නිකුත් කර ඇති නිවේදනයේ දක්වා තිබෙනවා.

COMMENTS