Day: January 31, 2022

පාසල් ඇරඹීමත් සමග ආසාධිතයන් ඉහළ යනු ඇතැයි අනාවැකි

පාසල් වාරය ආරම්භවීමත් සමග ඉදිරි දිනවල ඔස්ටේ්‍රලියාවෙන් වාර්තාවන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහාචාර්ය මයිකල් කිඩ් අනතුරු අගවනවා. පාසල් ආශ්‍රිත රැපිඩ් පරීක්ෂණ ඉහළ නැංවීමට පියවර ගෙන තිබීමයි ඊට හේතුව වන්නේ. මේ අතර කොවිඩ් ආසාධනය වූ අයෙකුට වුවද මාස 04 කට පසු බූස්ටර් එන්නත ලබාගැනීම සුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවද ඔහු කියාසිටියා. සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ කොවිඩ් මරණවලින් සියයට 25 ක් පමණ වාර්තා වී ඇත්තේ එන්නත් නොගත් හෝ එක්

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රා කාල සීමාව අද සිට මාස 03 කට අඩුවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව දීමේ කාල සීමාව අද සිට මාස 04 සිට මාස 03 දක්වා අඩු වනවා. ඒ අනුව තවත් අමතර පුද්ගලයන් ලක්ෂ 42 ක් පමණ ඊට සුදුසුකම් ලබන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් නිවේදනය කලේ. ඔස්ටේ්‍රලියාව තුළ තවත් පුද්ගලයන් මිලියන 15.7 ක් පමණ බූස්ටර් මාත්‍රාව ලබාගත යුතුව ඇති බවයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ. සියල්ලන්ට එන්නත් දීම සඳහා ප්‍රමාණවත් මාත්‍රා තොග ඇති බැවින් හැකි ඉක්මණින් ඒ සඳහා කටයුතු කරන ලෙසටද සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. මේ අතර ඔස්ටේ්‍රලියාව

Read More »

Commonwealth ගණුදෙනුකරුවන් ලක්ෂ 16 කට ව්‍යාජ E-mail පණිවුඩයක්

සිය NetBank ගිණුම අත්හිටුවා ඇති බවට Commonwealth බැංකුවේ ගණුදෙනුකරුවන් වෙත ලැබී ඇති ඊ-මේල් පණිවුඩ ජාවාරමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවෙනවා. ලක්ෂ 16 කට ආසන්න ගණුදෙනුකරුවන් පිරිසකට මෙම ඊ-මේල් පණිවුඩය ලැබී ඇති බවටයි වාර්තා පළවන්නේ. එය Commonwealth බැංකුව විසින් එවන ලද ඊ-මේල් ලිපිනයක් හා සමාන අයුරින්ම සකස් කර තිබීම විශේෂත්වයක්. අනතුරුව එහි ඇති Link එකක් හරහා උපන්දිනය – ඊ-මේල් ලිපිනය – දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ලබාගැනෙන බවද සඳහන්. මෙවැනි විද්‍යුත් පණිවිඩයක් ලදහොත් එය වහා ඉවත් කරන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ. https://www.7news.com.au/business/banking/commonwealth-bank-customers-issued-with-warning-over-email-phishing-scam-c-5505832

Read More »

මැතිවරණයේදී අගමැති මොරිසන් පරදින බව නවතම මත විමසුමක් කියයි

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් අගමැති ස්කොට් මොරිසන් ප්‍රමුඛ පාලක සන්ධානයට පරාජය අත්වන බව නවතම Newspoll මත විමසුම අනාවැකි පළකරනවා. 2018 වසරෙන් පසු අඩුම ජනප්‍රියත්වයේ ඔවුන් මේ වනවිට සිටින බවයි එහි දැක්වෙන්නේ. නවතම සමීක්ෂණයට අනුව පාලක සන්ධානයේ ජනප්‍රියත්වය සියයට 34 දක්වා අඩුවී ඇති අතර විපක්ෂ කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය සියයට 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම දෙවන වටයේ මත විමසුමකට අනුවද සියයට 56 ට 44 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ කම්කරු පක්ෂයයි. ෆෙඩරල් මැතිවරණයේ දින වකවානු ඉදිරි සති කිහිපය

Read More »

“NSW ප්‍රාන්ත රජයේ ඩොලර් බිලියනයේ සැලසුමට ෆෙඩරල් රජය සහය නොදිය යුතුයි”

කොවිඩ් තත්වය හමුවේ බලපෑම් එල්ලවු ව්‍යාපාර ආයතන වෙත ඩොලර් බිලියනයක මූල්‍යාධාර සැපයීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ගත් තීරණයට ෆෙඩරල් රජය සහය නොදිය යුතු බව උප අගමැති බාර්නබි ජොයිස් පවසනවා. දැනටමත් වැනි දීමනා රැසක් ලබාදී ඇති බැවින් සහන ලබාදීමෙන් ඉවත්ව, අඩාල වූ ක්ෂේත්‍ර නගා සිටුවීමේ වැඩපිළිවෙලකට යා යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. දිගින් දිගටම සහනාධාර ලබාදීමෙන් සිදුවන්නේ අධ්‍යාපන – සෞඛ්‍ය – ආරක්ෂක වැනි අංශ සඳහා මුදල් වෙන් කිරීමට ඇති ඉඩකඩ අවම වීම බවද උප අගමැතිවරයා

Read More »