ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රා කාල සීමාව අද සිට මාස 03 කට අඩුවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රා කාල සීමාව අද සිට මාස 03 කට අඩුවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රා කාල සීමාව අද සිට මාස 03 කට අඩුවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව දීමේ කාල සීමාව අද සිට මාස 04 සිට මාස 03 දක්වා අඩු වනවා.

ඒ අනුව තවත් අමතර පුද්ගලයන් ලක්ෂ 42 ක් පමණ ඊට සුදුසුකම් ලබන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් නිවේදනය කලේ.

ඔස්ටේ්‍රලියාව තුළ තවත් පුද්ගලයන් මිලියන 15.7 ක් පමණ බූස්ටර් මාත්‍රාව ලබාගත යුතුව ඇති බවයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

සියල්ලන්ට එන්නත් දීම සඳහා ප්‍රමාණවත් මාත්‍රා තොග ඇති බැවින් හැකි ඉක්මණින් ඒ සඳහා කටයුතු කරන ලෙසටද සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

මේ අතර ඔස්ටේ්‍රලියාව තුළ භාවිත කරන ලද මුලු එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 50 ඉක්මවා යාමට ආසන්නවයි පවතින්නේ.

COMMENTS