
ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් අගමැති ස්කොට් මොරිසන් ප්‍රමුඛ පාලක සන්ධානයට පරාජය අත්වන බව නවතම Newspoll මත විමසුම අනාවැකි පළකරනවා.
2018 වසරෙන් පසු අඩුම ජනප්‍රියත්වයේ ඔවුන් මේ වනවිට සිටින බවයි එහි දැක්වෙන්නේ.
නවතම සමීක්ෂණයට අනුව පාලක සන්ධානයේ ජනප්‍රියත්වය සියයට 34 දක්වා අඩුවී ඇති අතර විපක්ෂ කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය සියයට 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම දෙවන වටයේ මත විමසුමකට අනුවද සියයට 56 ට 44 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ කම්කරු පක්ෂයයි.
ෆෙඩරල් මැතිවරණයේ දින වකවානු ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

COMMENTS