
පාසල් වාරය ආරම්භවීමත් සමග ඉදිරි දිනවල ඔස්ටේ්‍රලියාවෙන් වාර්තාවන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහාචාර්ය මයිකල් කිඩ් අනතුරු අගවනවා.
පාසල් ආශ්‍රිත රැපිඩ් පරීක්ෂණ ඉහළ නැංවීමට පියවර ගෙන තිබීමයි ඊට හේතුව වන්නේ.
මේ අතර කොවිඩ් ආසාධනය වූ අයෙකුට වුවද මාස 04 කට පසු බූස්ටර් එන්නත ලබාගැනීම සුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවද ඔහු කියාසිටියා.

සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ කොවිඩ් මරණවලින් සියයට 25 ක් පමණ වාර්තා වී ඇත්තේ එන්නත් නොගත් හෝ එක් මාත්‍රාවක් පමණක් ගත් පුද්ගලයන්ගෙන් බවයි.
