Day: January 31, 2022

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 10,053ක්! NSW ප්‍රාන්තයෙන් 13,026ක්!

තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 10,053ක් හමුව ඇත. මරණ  8ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 76,335කි. ඊයේ දිනයේදී (30) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 20,859ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 16,298ක් ලබා දී තිබේ. We thank everyone who got vaccinated and tested yesterday. Our thoughts are with those in hospital, and the families of people who have

Read More »

අනුර කුමාර ගමන්ගත් මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක්

ජාතික ජන බලවේගයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබේ. පාක්ෂිකයන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පුද්ගලයින් දෙදෙනෙක් අල්ලාගෙන පොලීසියට භාරදී තිබුණි. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වුණි. සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම ස්ථානයට පැමිණෙමින් සිටියදී උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී එම මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත. ප්‍රහාර එල්ල කළ බවට සැකකෙරෙන

Read More »

වික්ටෝරියා පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු අද සිට

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් නව වසරේ පළමු වාරයේ අධ්‍යයන කටයුතු සඳහා අද විවෘත කෙරෙනවා. සති 02 කට වරක් සිසුන් සහ ගුරුවරුන් සඳහා රැපිඩ් පරීක්ෂණ සිදු කිරීම ඇතුලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේයි මෙලෙස පාසල් විවෘත කෙරෙන්නේ. ඒ සඳහා ප්‍රාන්ත රජය විසින් පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වෙත වෙන් කර ඇති රැපිඩ් කට්ටල සංඛ්‍යාව මිලියන 14 ක්. ඉන් මිලියන 6.6 ක් පළමු සතියේදීම ලබාදීමට නියමිතව තිබෙනවා. 03 ශ්‍රේණියෙන් ඉහළ සියලු ශ්‍රේණිවල සිසුන් ගෘහස්ථ කටයුතුවලදි මුව ආවරණ භාවිතයද

Read More »

වාර්තාවක් පිහිටුවමින් නඩාල් ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ දිනාගනී

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ අංශයේ ජය හිමි කර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමත් වුණා. ඒ ප්‍රතිවාදී රුසියානු ක්‍රීඩක ඩැනීල් මෙද්වදෙව් පරාජයට පත් කරමින්. මෙල්බන් නුවර පැවති අවසාන මහා තරගයේ ප්‍රථිඵලය සටහන්වූයේ 2-6 ක් / 6-7 ක් / 6-4 ක් / 6-4 ක් සහ 7-5 ක් ලෙසයි. රෆායෙල් නඩාල් ලබන 21 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය මෙයයි. ඒ අනුව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණනාවක් ජයගත් ටෙනිස් ක්‍රීඩකයා බවටද ඔහු පත් වනවා.

Read More »