අනුර කුමාර ගමන්ගත් මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක්

ජාතික ජන බලවේගයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබේ.

පාක්ෂිකයන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පුද්ගලයින් දෙදෙනෙක් අල්ලාගෙන පොලීසියට භාරදී තිබුණි.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වුණි.

සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම ස්ථානයට පැමිණෙමින් සිටියදී උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී එම මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාර එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු එහිදී පාක්ෂිකයන්ගේ මැදිහත්වීමන් අල්ලාගෙන තිබුණි.

අනතුරුව පුද්ගලයින් දෙදෙනා නිට්ටඹූව පොලීසිය වෙත රැගෙන ගියේය.

සැකකරුවන් සඳහන් කර තිබුණේ ඔවුන් සමග 16 දෙනෙකු පමණ පැමිණ තිබූ බවය.

සිද්ධිය ඇතිවීමත් සමග පිරිසක් පළාගොස් තිබේ.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »