වික්ටෝරියා පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු අද සිට – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු අද සිට

වික්ටෝරියා පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු අද සිට

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් නව වසරේ පළමු වාරයේ අධ්‍යයන කටයුතු සඳහා අද විවෘත කෙරෙනවා.

සති 02 කට වරක් සිසුන් සහ ගුරුවරුන් සඳහා රැපිඩ් පරීක්ෂණ සිදු කිරීම ඇතුලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේයි මෙලෙස පාසල් විවෘත කෙරෙන්නේ.

ඒ සඳහා ප්‍රාන්ත රජය විසින් පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වෙත වෙන් කර ඇති රැපිඩ් කට්ටල සංඛ්‍යාව මිලියන 14 ක්.

ඉන් මිලියන 6.6 ක් පළමු සතියේදීම ලබාදීමට නියමිතව තිබෙනවා.

03 ශ්‍රේණියෙන් ඉහළ සියලු ශ්‍රේණිවල සිසුන් ගෘහස්ථ කටයුතුවලදි මුව ආවරණ භාවිතයද අනිවාර්යයි.

කිසියම් අයුරකින් පාසල් ආරම්භ කිරීමෙන් පසු ගුරුවරයෙකු කොවිඩ් ආසාධිත බවට පත්වුවහොත් ඒ වෙනුවට යොදා ගැනීම සඳහා විශ්‍රාමික ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සමන්විත සංචිතයක්ද වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් පසුගියදා ස්ථාපිත කරනු ලැබුවා.

COMMENTS