
සිය NetBank ගිණුම අත්හිටුවා ඇති බවට Commonwealth බැංකුවේ ගණුදෙනුකරුවන් වෙත ලැබී ඇති ඊ-මේල් පණිවුඩ ජාවාරමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවෙනවා.
ලක්ෂ 16 කට ආසන්න ගණුදෙනුකරුවන් පිරිසකට මෙම ඊ-මේල් පණිවුඩය ලැබී ඇති බවටයි වාර්තා පළවන්නේ.
එය Commonwealth බැංකුව විසින් එවන ලද ඊ-මේල් ලිපිනයක් හා සමාන අයුරින්ම සකස් කර තිබීම විශේෂත්වයක්.

අනතුරුව එහි ඇති Link එකක් හරහා උපන්දිනය – ඊ-මේල් ලිපිනය – දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ලබාගැනෙන බවද සඳහන්.
මෙවැනි විද්‍යුත් පණිවිඩයක් ලදහොත් එය වහා ඉවත් කරන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.
