
කොවිඩ් තත්වය හමුවේ බලපෑම් එල්ලවු ව්‍යාපාර ආයතන වෙත ඩොලර් බිලියනයක මූල්‍යාධාර සැපයීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ගත් තීරණයට ෆෙඩරල් රජය සහය නොදිය යුතු බව උප අගමැති බාර්නබි ජොයිස් පවසනවා.
දැනටමත් වැනි දීමනා රැසක් ලබාදී ඇති බැවින් සහන ලබාදීමෙන් ඉවත්ව, අඩාල වූ ක්ෂේත්‍ර නගා සිටුවීමේ වැඩපිළිවෙලකට යා යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
දිගින් දිගටම සහනාධාර ලබාදීමෙන් සිදුවන්නේ අධ්‍යාපන – සෞඛ්‍ය – ආරක්ෂක වැනි අංශ සඳහා මුදල් වෙන් කිරීමට ඇති ඉඩකඩ අවම වීම බවද උප අගමැතිවරයා පෙන්වා දෙනවා.

කොවිඩ් හේතුවෙන් බලපෑම් එල්ල වූ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ව්‍යාපාරික ස්ථානවලට තවත් ඩොලර් බිලියනයක මූල්‍යාධාර සැපයීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ නැවත වරක් බලපෑම් එල්ලවු සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතන සඳහා සහන සැලසීමයි එහි අරමුණ වන්නේ.

ජනවාරි මාසයේදී සිය මාසික පිරිවැටුම සියයට 40 කට වඩා අඩුවූ ව්‍යාපාරික ආයතන සඳහා මේ වෙනුවෙන් ඉල්ලුම් කල හැකි වනවා.
පෙබරවාරි මාසයේදී ඔවුන්ගේ වැටුප් ගෙවීම සඳහා සියයට 20 ක උපරිමයක් මේ යටතේ ප්‍රාන්ත රජය විසින් ගෙවීමට නියමිතයි.
එක් ආයතනයකට සතියකට ඩොලර් 5000 ක උපරිමයක් මෙලෙස ලැබෙනු ඇති.