Day: January 30, 2022

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයෙකුට කොවිඩ්

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ගිය ඔස්ටේ්‍රලියානු ඔලිම්පික් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාධිත බව තහවුරු වී තිබෙනවා. බෙයිජිං ගුවන් තොටුපළේදී සිදුකල පී සී ආර් පරීක්ෂණයේදීයි එය අනාවරණ වී ඇත්තේ. කෙසේවෙතත් පුද්ගලිකත්වය මත මෙම ක්‍රීඩකයාගේ අනන්‍යතාවය මේ දක්වා නිල වශයෙන් හෙළි කර නැහැ. මෙම ක්‍රීඩකයාට තවත් කොවිඩ් පරීක්ෂණයක් සිදුකිරීමටද පියවර ගෙන තිබෙනවා. බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ලබන 02 වනදා සිට ආරම්භ වනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් පාසල් විවෘත කිරීමේ සැලසුම එළි දකී – Face masks අනිවාර්ය නෑ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් නැවත විවෘත කිරීමේ සැලසුම අද නිල වශයෙන් එළිදැක්වුණා. ප්‍රාන්ත අගමැතිනිය පැවසුවේ නියමිත අයුරින් ලබන 07 වනදා සිට පාසල් ආරම්භ කෙරෙන බවයි. කෙසේවෙතත් උසස් පාසල් සිසුන් සඳහා මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඇය කියාසිටියේ. එහෙත් මුව ආවරණ පැළඳීම යෝග්‍ය බවටයි ප්‍රාන්ත රජය සිසුන්ට දන්වා සිටින්නේ. ඉගැන්වීම් කටයුතු සිදුකිරීමේදී ගුරුවරුන්ට මුව ආවරණ ඉවත්කිරීමටද අවසර හිමිවනවා. වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මෙන් සිසුන්ට සති 02 කට වරක් රැපිඩ් පරීක්ෂණ

Read More »

කොවිඩ් බලපෑම් එල්ල වූ නිවු සවුත් වේල්ස් ව්‍යාපාරික ස්ථානවලට තවත් $ බිලියනයක මූල්‍යාධාර

කොවිඩ් හේතුවෙන් බලපෑම් එල්ල වූ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ව්‍යාපාරික ස්ථානවලට තවත් ඩොලර් බිලියනයක මූල්‍යාධාර සැපයීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ නැවත වරක් බලපෑම් එල්ලවු සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතන සඳහා සහන සැලසීමයි එහි අරමුණ වන්නේ. ජනවාරි මාසයේදී සිය මාසික පිරිවැටුම සියයට 40 කට වඩා අඩුවූ ව්‍යාපාරික ආයතන සඳහා මේ වෙනුවෙන් ඉල්ලුම් කල හැකි වනවා. පෙබරවාරි මාසයේදී ඔවුන්ගේ වැටුප් ගෙවීම සඳහා සියයට 20 ක උපරිමයක් මේ යටතේ ප්‍රාන්ත රජය විසින්

Read More »

ජොකොවිච් ට වුනු දේ වෙන්න තියාගන්න එපා – අගමැති මොරිසන් Kanye West ට කියයි

ලබන මාර්තු මාසයේ ඔස්ටේ්‍රලියාවේ සංචාරයක නිරතවීමට නියමිත ජනප්‍රිය අමෙරිකානු රැප් ගායක Kanye West ට අගමැති ස්කොට් මොරිසන් විසින් පූර්ව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ නිසි පරිදි එන්නත්කරණයට ලක්ව නොපැමිණියහොත් ඔස්ටේ්‍රලියානු නීතියට අනුව කටයුතු කිරීමට සිදුවන බවටයි. Kanye West කොවිඩ් එන්නත්කරණයට එරෙහිව අදහස් පළකර තිබීම මීට හේතුවයි. කෙසේවෙතත් ඔහු එන්නත් ලබාගෙන ඇතිද යන්න මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. ඔස්ටේ්‍රලියාව තුළ බලාත්මක නීති සියල්ලන්ට එක හා සමාන පොදු නීති බව සිහිපත්කරන අගමැති මොරිසන් ඊට උදාහරණ

Read More »

ලංකාවට T20 ලෝක කුසලානය දිනා දුන් පුහුණුකරු ආයෙමත් එන්න බෑ කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීම පෝල් ෆාබ්‍රේස් විසින් ප්‍රතික්ෂේප කර ඇත. එම වාර්තාවල දැක්වුණේ, වෝරික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග තවදුරටත් රැදීසිටීමේ අරමුණින් ෆාබ්‍රේස් එම තීරණය ගෙන ඇති බවය. මිකී ආතර්ගේ පුහුණුකාර ධුර කාලය පසුගිය වසරේ දෙසැම්බර් 6 වැනිදායි අවසන්වීමත් සමග නව පුහුණුකරුවෙකු සඳහා අයදුම්පත් 30කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබුණි. නමුත්, එම අයදුම්කරුවන්ගෙන් කිසිවෙකුටවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ කැමැත්තක් පළවී නොමැත. ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස්

Read More »