Day: January 30, 2022

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 10,589ක්! NSW ප්‍රාන්තයෙන් 13,524ක්!

තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 10,589ක් හමුව ඇත. මරණ  20ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 78,294කි. ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 25,172ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 23,863ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1487545853011058688?s=20&t=Q43bhhDGde3zjHX56KTRbw නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (29) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 13,524ක් වාර්තා වි තිබේ. දැනට 2,663 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 182

Read More »

නවසීලන්ත අගමැතිනී හුදකලා කෙරේ

කොවිඩ් ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පත්වීම හේතුවෙන් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් හුදකලා කර තිබෙනවා. පසුගිය 22 වනදා ඇය ගමන් ගත් ගුවන් යානයේ ගමන්කල මගියෙකු කොවිඩ් ආසාධිත බවට හෙළිවීම මීට හේතුවයි. තමන් සතුව කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් අගමැතිනිය නිකුත් කල නිවේදනයක සඳහන්. ජසින්ඩා ආර්ඩර්න් කොවිඩ් පරීක්ෂණයකටද ලක් කර ඇති අතර ලබන අගහරුවාදා තෙක් හුදකලාව සිටිය යුතු වනවා. https://www.9news.com.au/world/new-zealand-prime-minister-jacinda-arden-in-self-isolation-after-being-deemed-a-close-contact/09c31c7b-99d2-4ae5-a3bc-5d3d054f4ddc

Read More »

ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් පිරිමි කේවළ අවසාන මහා තරගය අද මෙල්බන් හිදී

ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියේ තීරණාත්මක පිරිමි කේවළ අවසාන මහා තරගය අද රාත්‍රියේ මෙල්බන් හිදී පැවැත්වෙනවා. ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමගින් රුසියානු ක්‍රීඩක ඩැනීල් මෙද්වදෙෆ් එහිදී තරග වැදිමට නියමිතයි. අද තරගය රෆායෙල් නඩාල් විසින් ජයගතහොත් ඔහු ලබන 21 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයද එය වනු ඇති. ඒ අනුව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණනාවක් ජයගත් ටෙනිස් ක්‍රීඩකයා බවටද ඔහු පත් වනවා. සුපිරි ටෙනිස් ක්‍රීඩකයන් වන රොජර් ෆෙඩරර් සහ නොවැක් ජොකොවිච් ද ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් බැගින් ජයගෙන

Read More »