
ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියේ තීරණාත්මක පිරිමි කේවළ අවසාන මහා තරගය අද රාත්‍රියේ මෙල්බන් හිදී පැවැත්වෙනවා.
ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමගින් රුසියානු ක්‍රීඩක ඩැනීල් මෙද්වදෙෆ් එහිදී තරග වැදිමට නියමිතයි.
අද තරගය රෆායෙල් නඩාල් විසින් ජයගතහොත් ඔහු ලබන 21 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයද එය වනු ඇති.

ඒ අනුව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණනාවක් ජයගත් ටෙනිස් ක්‍රීඩකයා බවටද ඔහු පත් වනවා.
සුපිරි ටෙනිස් ක්‍රීඩකයන් වන රොජර් ෆෙඩරර් සහ නොවැක් ජොකොවිච් ද ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් බැගින් ජයගෙන නඩාල් සහ සම තත්වයේයි පසුවන්නේ.

වසර 44 කට පසු ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගත් පළමු ඔස්ටේ්‍රලියානු ජාතික කාන්තාව බවට ඈෂ්ලි බාර්ටි පත් වුණා.
ඒ කාන්තා කේවළ තරගයේදී ප්‍රතිවාදී අමෙරිකානු ක්‍රීඩිකාව පරාජයට පත් කරමින්.
මේ අනුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 03 ම එනම් විම්බල්ඩන් – ඔස්ටේ්‍රලියා විවෘත සහ ප්‍රංශ විවෘත යන ටෙනිස් ශූරතා 03 ම ඇය විසින් ජයගෙන අවසන්.
අවසන්වරට ඔස්ටේ්‍රලියානු කාන්තාවක විසින් ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියක කාන්තා කේවල තරගයක් ජයගෙන තිබුණේ 1978 වසරේදියි.
COMMENTS