නවසීලන්ත අගමැතිනී හුදකලා කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

නවසීලන්ත අගමැතිනී හුදකලා කෙරේ

නවසීලන්ත අගමැතිනී හුදකලා කෙරේ

කොවිඩ් ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පත්වීම හේතුවෙන් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් හුදකලා කර තිබෙනවා.

පසුගිය 22 වනදා ඇය ගමන් ගත් ගුවන් යානයේ ගමන්කල මගියෙකු කොවිඩ් ආසාධිත බවට හෙළිවීම මීට හේතුවයි.

තමන් සතුව කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් අගමැතිනිය නිකුත් කල නිවේදනයක සඳහන්.

ජසින්ඩා ආර්ඩර්න් කොවිඩ් පරීක්ෂණයකටද ලක් කර ඇති අතර ලබන අගහරුවාදා තෙක් හුදකලාව සිටිය යුතු වනවා.

https://www.9news.com.au/world/new-zealand-prime-minister-jacinda-arden-in-self-isolation-after-being-deemed-a-close-contact/09c31c7b-99d2-4ae5-a3bc-5d3d054f4ddc

COMMENTS