ජොකොවිච් ට වුනු දේ වෙන්න තියාගන්න එපා – අගමැති මොරිසන් Kanye West ට කියයි

ලබන මාර්තු මාසයේ ඔස්ටේ්‍රලියාවේ සංචාරයක නිරතවීමට නියමිත ජනප්‍රිය අමෙරිකානු රැප් ගායක Kanye West ට අගමැති ස්කොට් මොරිසන් විසින් පූර්ව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ නිසි පරිදි එන්නත්කරණයට ලක්ව නොපැමිණියහොත් ඔස්ටේ්‍රලියානු නීතියට අනුව කටයුතු කිරීමට සිදුවන බවටයි.

Kanye West කොවිඩ් එන්නත්කරණයට එරෙහිව අදහස් පළකර තිබීම මීට හේතුවයි.

කෙසේවෙතත් ඔහු එන්නත් ලබාගෙන ඇතිද යන්න මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

ඔස්ටේ්‍රලියාව තුළ බලාත්මක නීති සියල්ලන්ට එක හා සමාන පොදු නීති බව සිහිපත්කරන අගමැති මොරිසන් ඊට උදාහරණ ලෙස ගෙන හැර දක්වා ඇත්තේ සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ට අත්වූ ඉරණමයි.

නීතියට අනුව කටයුතු කරන කිසිවෙකුටත් ඔස්ටේ‍රලියාව දොරටු වසා නොමැති බවද මෙහිදී නැවතත් අවධාරණය කෙරුණා.

https://7news.com.au/entertainment/celebrity/scott-morrison-warns-kanye-west-of-vaccination-status-ahead-of-his-australian-tour–c-5494901

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »