ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් නැවත විවෘත කිරීමේ සැලසුම අද නිල වශයෙන් එළිදැක්වුණා.
ප්‍රාන්ත අගමැතිනිය පැවසුවේ නියමිත අයුරින් ලබන 07 වනදා සිට පාසල් ආරම්භ කෙරෙන බවයි.
කෙසේවෙතත් උසස් පාසල් සිසුන් සඳහා මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඇය කියාසිටියේ.
එහෙත් මුව ආවරණ පැළඳීම යෝග්‍ය බවටයි ප්‍රාන්ත රජය සිසුන්ට දන්වා සිටින්නේ.
ඉගැන්වීම් කටයුතු සිදුකිරීමේදී ගුරුවරුන්ට මුව ආවරණ ඉවත්කිරීමටද අවසර හිමිවනවා.
වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මෙන් සිසුන්ට සති 02 කට වරක් රැපිඩ් පරීක්ෂණ අනිවාර්ය කිරීමටද තීරණයක් ගෙන නැතැයි අගමැතිනිය සඳහන් කලා.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන සිසුන් සහ ගුරුවරුන් පමණක් පරීක්ෂණවලට භාජනය කෙරෙනු ඇති.
ක්වීන්ස්ලන්ඩ් හි ගුරුවරුන් අතුරින් සියයට 98 ක් පමණ මේ වනවිට එන්නත්කරණයට ලක් කර අවසන්.
මාර්තු 04 වනදා දක්වා බාහිර ක්‍රියාකාරකම් රැසක් අවලංගු කර ඇති අතර පාසල් වෙත අමුත්තන් පැමිණීමද සීමා කර තිබෙනවා.