කොවිඩ් බලපෑම් එල්ල වූ නිවු සවුත් වේල්ස් ව්‍යාපාරික ස්ථානවලට තවත් $ බිලියනයක මූල්‍යාධාර

කොවිඩ් හේතුවෙන් බලපෑම් එල්ල වූ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ව්‍යාපාරික ස්ථානවලට තවත් ඩොලර් බිලියනයක මූල්‍යාධාර සැපයීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ නැවත වරක් බලපෑම් එල්ලවු සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතන සඳහා සහන සැලසීමයි එහි අරමුණ වන්නේ.

ජනවාරි මාසයේදී සිය මාසික පිරිවැටුම සියයට 40 කට වඩා අඩුවූ ව්‍යාපාරික ආයතන සඳහා මේ වෙනුවෙන් ඉල්ලුම් කල හැකි වනවා.

පෙබරවාරි මාසයේදී ඔවුන්ගේ වැටුප් ගෙවීම සඳහා සියයට 20 ක උපරිමයක් මේ යටතේ ප්‍රාන්ත රජය විසින් ගෙවීමට නියමිතයි.

එක් ආයතනයකට සතියකට ඩොලර් 5000 ක උපරිමයක් මෙලෙස ලැබෙනු ඇති.

එමෙන්ම සේවකයන් සඳහා රැපිඩ් කට්ටල වෙනුවෙන් වියදම් කරන ලද මුදල් ව්‍යාපාරික ස්ථාන වෙත ආපසු ලබාදීමටද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තී්රණය කර තිබෙනවා.

https://www.9news.com.au/national/new-south-wales-news-state-government-to-announce-billion-dollar-business-package/de123cee-888e-4be2-bf29-561a45ad2a4a

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »