ලංකාවට T20 ලෝක කුසලානය දිනා දුන් පුහුණුකරු ආයෙමත් එන්න බෑ කියයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවට T20 ලෝක කුසලානය දිනා දුන් පුහුණුකරු ආයෙමත් එන්න බෑ කියයි

ලංකාවට T20 ලෝක කුසලානය දිනා දුන් පුහුණුකරු ආයෙමත් එන්න බෑ කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීම පෝල් ෆාබ්‍රේස් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එම වාර්තාවල දැක්වුණේ, වෝරික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග තවදුරටත් රැදීසිටීමේ අරමුණින් ෆාබ්‍රේස් එම තීරණය ගෙන ඇති බවය.

මිකී ආතර්ගේ පුහුණුකාර ධුර කාලය පසුගිය වසරේ දෙසැම්බර් 6 වැනිදායි අවසන්වීමත් සමග නව පුහුණුකරුවෙකු සඳහා අයදුම්පත් 30කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබුණි.

නමුත්, එම අයදුම්කරුවන්ගෙන් කිසිවෙකුටවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ කැමැත්තක් පළවී නොමැත.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් එම ධූරය සඳහා යළි කැඳවීමට ක්‍රිකට් බලධාරීන් ෆාබ්‍රේස් සමග සාකච්ඡා කළ බවය.

කෙසේවෙතත් පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව ක්‍රිකට් වෙබ් අඩවියක් වාර්තා කළේය.

එහි දැක්වුණේ, ෆාබ්‍රේස් තවදුරටත් වෝරික්ෂයර් ප්‍රාන්තයේ රැඳීසිටින බවට එහි කළමනාකාරිත්වයට දැනුම් දී ඇති බවය.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ 54 හැවිරිදි පෝල් ෆාබ්‍රේස් සමයේදී 2014 විස්සයි 20 ලෝක කුසලානය  දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි.

https://www.thecricketer.com/Topics/countycricket/paul_farbrace_turns_down_sri_lanka_head_coach_role_stay_warwickshire.html

COMMENTS