Day: January 29, 2022

ක්වීන්ස්ලන්ඩ් 07 ශ්‍රේණියෙන් ඉහළට මුව ආවරණ අනිවාර්ය වන ළකුණු

ක්වීන්ස්ලන්ඩ් පාසල් නැවත ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රේණි කිහිපයක සිසුන්ට මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා. ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී ජෝන් ජෙරාඩ් පැවසුවේ 07 ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට මෙලෙස මුව ආවරණ අනිවාර්ය කෙරෙනු ඇති බවයි. කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් මේ දක්වා පාසල් නැවත විවෘත කිරීමට අදාළ නිල නිවේදනයක් නිකුත් කර නැහැ. 03 ශ්‍රේණියේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට කැමැතිනම් පමණක් මුහුණු ආවරණ පැළඳිය හැකි බවද වෛද්‍ය ජෝන් ජෙරාඩ් සඳහන් කලා. දෙමව්පියන්ට අපහසුතා ඇති නොවන

Read More »

ශ්‍රී ලංකා කතානායකටත් කොවිඩ්

ශ්‍රී ලංකා කතානායක මහින්ද යාපා අබේවර්ධනට සහ කතානායක නිල නිවෙසේ සේවකයන් 03 දෙනෙකුටද කොවිඩ් වැළඳී තිබෙනවා. සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව කතානායකවරයා නිල නිවෙසේම නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිනවා. මේ අනුව මෙතෙක් කොවිඩ් ආසාදනයවී ඇති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43 ක් දක්වා ඉහළ යනු ඇති. කතානායකවරයා පසුගිය දිනවල විවිධ උත්සව ගණනාවකටම සහභාගිවී ඇති අතර එම උත්සව වලට පැමිණ සිටි කොවිඩ් ආසාදිතයකුගෙන් ඔහුට වෛරසය බෝවන්නට ඇතැයි සැක කෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කලා. කතානායක මහින්ද යාපා

Read More »

Australia Awards Scholarships වෙනුවෙන් අයදුම්පත් භාර ගැනීම ලබන 01 දා සිට

2022 වසර සඳහා ඔස්ටේ්‍රලියානු සම්මාන ශිෂ්‍යත්ව හෙවත් Australia Awards Scholarships වෙනුවෙන් අයදුම්පත් භාර ගැනීම ලබන 01 දා සිට ආරම්භ වන අතර මැයි 31 වනදායින් අවසන්වීමට නියමිතයි. ශ්‍රී ලාංකිකයන්ටද මේ සඳහා අයදුම්කල හැකි බවයි ඔස්ටේ්‍රලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ. සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයින්ට ඔස්ටේ්‍රලියානු අධ්‍යාපන ආයතනවල පූර්ණ කාලීන උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයනය කිරීමට මේ හරහා අවස්ථාව හිමිවනවා. ගුවන් ටිකට්පත් ගාස්තුවක් – ජීවන වියදම් ගාස්තුවක් ඇතුලු දීමනා වර්ග කිහිපයකටද මේ යටතේ සුදුසුකම් ලැබූවන් හිමිකම්

Read More »

වික්ටෝරියා කුණාටු සහ අකුණු අනතුරු ඇගවීම ඉවතට

වික්ටෝරියා ප්‍රාන්තයට නිකුත් කර තිබූ දරුණු කුණාටු සහ අකුණු අනතුරු ඇගවීම ඉවත් කර තිබෙනවා. කෙසේවෙතත් සති අන්තය පුරා ඇතැම්විට මද වර්ෂා ගතියක් පැවතිය හැකි බවයි අද පෙරවරුවේ නිකුත් කෙරුණු කාළගුණ නිවේදනයේ සටහන් වන්නේ. දින කිහිපයක් පැවති අධික වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ඇතුලු ස්ථාන රැසක පිරිසිදුකිරීම් සිදුකල යුතුව ඇති බවද සඳහන්. කෙසේවෙතත් මෙල්බන් නගරයේ නිවාස රැසකට තවමත් විදුලි බලය අඩාලවයි පවතින්නේ. https://www.9news.com.au/national/weather-news-severe-thunderstorm-warning-cancelled-for-victoria-cleanup-underway/2c6c4ab7-cf7d-48bb-ad7e-e64df0b111f1

Read More »

මහා බාධක කොරල් පරය රැකගැනීම වෙනුවෙන් $ බිලියනයක්

මහා බාධක කොරල් පරය රැකගැනීම වෙනුවෙන් ඩොලර් බිලියනයක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. උතුරු ක්වීන්ස්ලන්තයේ කෙයාර්න්ස් හි සංචාරයක නිරත වන අතරතුරයි අගමැති ස්කොට් මොරිසන් විසින් එය නිල වශයෙන් අනාවරණය කලේ. වසර 09 ක් පුරා දිවෙන ව්‍යාපෘති රැසක් වෙනුවෙන් මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇති. කොරල් පර ඛාදනයට ලක්වීම වැළැක්වීම සහ හානිකර සත්ව විශේෂයන්ගෙන් කොරල් පරය ආරක්ෂා කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන සංචාරක නැරඹුම් ස්ථානයක් වන මහා බාධක කොරල් පරය හරහා

Read More »