
මහා බාධක කොරල් පරය රැකගැනීම වෙනුවෙන් ඩොලර් බිලියනයක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
උතුරු ක්වීන්ස්ලන්තයේ කෙයාර්න්ස් හි සංචාරයක නිරත වන අතරතුරයි අගමැති ස්කොට් මොරිසන් විසින් එය නිල වශයෙන් අනාවරණය කලේ.
වසර 09 ක් පුරා දිවෙන ව්‍යාපෘති රැසක් වෙනුවෙන් මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇති.

කොරල් පර ඛාදනයට ලක්වීම වැළැක්වීම සහ හානිකර සත්ව විශේෂයන්ගෙන් කොරල් පරය ආරක්ෂා කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන සංචාරක නැරඹුම් ස්ථානයක් වන මහා බාධක කොරල් පරය හරහා මෙරට ආර්ථිකයට වසරකට ලැබෙන මුදල ඩොලර් බිලියන 6.4 ක් පමණ වනවා.

එය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවටද අන්තර්ගතයි.