ශ්‍රී ලංකා කතානායකටත් කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකා කතානායකටත් කොවිඩ්

ශ්‍රී ලංකා කතානායකටත් කොවිඩ්

ශ්‍රී ලංකා කතානායක මහින්ද යාපා අබේවර්ධනට සහ කතානායක නිල නිවෙසේ සේවකයන් 03 දෙනෙකුටද කොවිඩ් වැළඳී තිබෙනවා.

සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව කතානායකවරයා නිල නිවෙසේම නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිනවා.

මේ අනුව මෙතෙක් කොවිඩ් ආසාදනයවී ඇති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43 ක් දක්වා ඉහළ යනු ඇති.

කතානායකවරයා පසුගිය දිනවල විවිධ උත්සව ගණනාවකටම සහභාගිවී ඇති අතර එම උත්සව වලට පැමිණ සිටි කොවිඩ් ආසාදිතයකුගෙන් ඔහුට වෛරසය බෝවන්නට ඇතැයි සැක කෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කලා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන දකුණු කොරියානු කතානායකයා ඇතුළු පිරිසක්ද පසුගියදා හමුවුණා.

COMMENTS