
ක්වීන්ස්ලන්ඩ් පාසල් නැවත ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රේණි කිහිපයක සිසුන්ට මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.
ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී ජෝන් ජෙරාඩ් පැවසුවේ 07 ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට මෙලෙස මුව ආවරණ අනිවාර්ය කෙරෙනු ඇති බවයි.
කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් මේ දක්වා පාසල් නැවත විවෘත කිරීමට අදාළ නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

03 ශ්‍රේණියේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට කැමැතිනම් පමණක් මුහුණු ආවරණ පැළඳිය හැකි බවද වෛද්‍ය ජෝන් ජෙරාඩ් සඳහන් කලා.
දෙමව්පියන්ට අපහසුතා ඇති නොවන සැළසුමක් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

COMMENTS