
2022 වසර සඳහා ඔස්ටේ්‍රලියානු සම්මාන ශිෂ්‍යත්ව හෙවත් Australia Awards Scholarships වෙනුවෙන් අයදුම්පත් භාර ගැනීම ලබන 01 දා සිට ආරම්භ වන අතර මැයි 31 වනදායින් අවසන්වීමට නියමිතයි.
ශ්‍රී ලාංකිකයන්ටද මේ සඳහා අයදුම්කල හැකි බවයි ඔස්ටේ්‍රලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයින්ට ඔස්ටේ්‍රලියානු අධ්‍යාපන ආයතනවල පූර්ණ කාලීන උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයනය කිරීමට මේ හරහා අවස්ථාව හිමිවනවා.

ගුවන් ටිකට්පත් ගාස්තුවක් – ජීවන වියදම් ගාස්තුවක් ඇතුලු දීමනා වර්ග කිහිපයකටද මේ යටතේ සුදුසුකම් ලැබූවන් හිමිකම් ලබනවා.
ශිෂ්‍යත්වලාභීන් ඔවුන්ගේ ශිෂ්‍යත්වය සම්පූර්ණ කිරීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාලයක් තුළ ඔස්ටේ්‍රලියාවෙන් පිටවිය යුතුවීම අනිවාර්ය කොන්දේසියක්.

එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම තැනැත්තාට ශිෂ්‍යත්වයේ සම්පූර්ණ පිරිවැය සඳහා ණයක් දැරීමට සිදුවනවා.
https://www.dfat.gov.au/people-to-people/australia-awards/australia-awards-scholarships
COMMENTS