Day: January 26, 2022

ඔස්ටේ්‍රලියාවේ නව පුරවැසියන් දිවුරුම් දෙයි

ඔස්ටේ්‍රලියා දිනයට සමගාමීව මෙරට පුරවැසිභාවය ලැබූ පිරිසක් දිවුරුම් දී තිබෙනවා. ඒ කැන්බරා අගනුවර පැවැත්වෙන නිල ජාතික දින උත්සවයේදී ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි සහ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඉදිරියේදීයි. අගමැති මොරිසන් මෙහිදී කියාසිටියේ ඔස්ටේ්‍රලියාව යනු මිහිපිට ඇති වඩාත් බහු සංස්කෘතික රට බවයි. ආදිවාසී ඇබොරිජින්වරුන් ඇතුලු සියලු ඔස්ටේ්‍රලියානුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය කැපවී සිටින බවයි ඔහු අවධාරණය කලේ. සිඩ්නි – මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර ගණනාවකදීත් අද දිනය පුරා විවිධ ජාතික දින උත්සව සංවිධාන කර තිබෙනවා. https://www.9news.com.au/national/official-australia-day-ceremony-begins-in-canberra-as-smoking-ceremonies-take-place-across-country/53401a49-aeb4-4181-aac8-08e2f1841062

Read More »

වික්ටෝරියා ආසාධිතයන් අඩුවී ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් ආසන ධාරිතාවය ඉහළට

මෙල්බන් නුවර පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ආසන ධාරිතාව සියයට 65 දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව අඩුවීමට පටන්ගැනීම හේතුවෙන්. මේ දක්වා එම ප්‍රතිශතය පැවතියේ සියයට 50 ක් ලෙසයි. මේ සඳහා වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලැබුණු බවයි ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලි සංවිධායකයන් සඳහන් කලේ. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 13,507ක් හමුව ඇත. මරණ  35ක් ද වාර්තා විය​. https://www.9news.com.au/national/coronavirus-victoria-updates-new-case-numbers-plea-elective-surgery-resume/22701012-81ed-405d-8c0d-fea68c5aa854

Read More »

මෙල්බන් නිවසේදී බිරිඳ සහ 06 හැවිරිදි දියණිය ඝාතනය කල අයෙකුට චෝදනා

මෙල්බන් Mill Park ප්‍රදේශයේ පිහිටි නිවසේදී සිය බිරිඳ සහ 06 හැවිරිදි දියණිය ඝාතනය කල පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා. පසුගිය 13 වනදා රාත්‍රී 07.50 ට පමණයි මෙම ඝාතන සිදුවී තිබුණේ. අවුරුදු 39 ක් වන කාන්තාවක සහ 06 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු නමුත් ඔවුන් පසුව මියගොස් තිබුණා. 10 හැවිරිදි වැඩිමහල් දියණිය දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ. ඉන්දීය ජාතික පවුලක් වන මොවුන් අතර ඇතිවූ ආරාවුලක් මීට හේතුවී ඇතැයි

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 13,507ක්! NSW ප්‍රාන්තයෙන් 21,030ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 13,507ක් හමුව ඇත. මරණ  35ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 139,562කි. ඊයේ දිනයේදී (25) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 34,835ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 25,465 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1486096851401310208?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (25) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 21,030ක් වාර්තා වි තිබේ. දැනට 2,794 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන්

Read More »

වික්ටෝරියා තණ බිම් ආශ්‍රිතව ගිණි තැබීම් කල පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

වික්ටෝරියා වෙරළාසන්නයේ තණ බිම් ආශ්‍රිතව ගිණි තැබීම් කල පිරිසක් අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙහිදී කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව සඳහන්. ලැව්ගිණි 04 ක් මෙහිදී හටගෙන ඇති බවටයි වාර්තා පළවී ඇත්තේ. වික්ටෝරියා ප්‍රාන්තයේ උණුසුම සැළකිය යුතු මට්ටමකින් ඉහළගොස් ඇතත් මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී මහා පරිමාණ ලැව් ගිණි කිසිවක් වාර්තාවූයේ නැහැ. සිතා මතා ගිණි තැබීම් සිදුකරන කිසියම් අයෙකු වෙතොත් 1800 333 000 අමතන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ. https://7news.com.au/news/bushfires/police-investigate-possible-vic-firebug-c-5441597

Read More »