
ඔස්ටේ්‍රලියා දිනයට සමගාමීව මෙරට පුරවැසිභාවය ලැබූ පිරිසක් දිවුරුම් දී තිබෙනවා.
ඒ කැන්බරා අගනුවර පැවැත්වෙන නිල ජාතික දින උත්සවයේදී ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි සහ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඉදිරියේදීයි.
අගමැති මොරිසන් මෙහිදී කියාසිටියේ ඔස්ටේ්‍රලියාව යනු මිහිපිට ඇති වඩාත් බහු සංස්කෘතික රට බවයි.

ආදිවාසී ඇබොරිජින්වරුන් ඇතුලු සියලු ඔස්ටේ්‍රලියානුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය කැපවී සිටින බවයි ඔහු අවධාරණය කලේ.
සිඩ්නි – මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර ගණනාවකදීත් අද දිනය පුරා විවිධ ජාතික දින උත්සව සංවිධාන කර තිබෙනවා.

COMMENTS