Search

මෙල්බන් නිවසේදී බිරිඳ සහ 06 හැවිරිදි දියණිය ඝාතනය කල අයෙකුට චෝදනා

මෙල්බන් Mill Park ප්‍රදේශයේ පිහිටි නිවසේදී සිය බිරිඳ සහ 06 හැවිරිදි දියණිය ඝාතනය කල පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.

පසුගිය 13 වනදා රාත්‍රී 07.50 ට පමණයි මෙම ඝාතන සිදුවී තිබුණේ.

අවුරුදු 39 ක් වන කාන්තාවක සහ 06 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු නමුත් ඔවුන් පසුව මියගොස් තිබුණා.

10 හැවිරිදි වැඩිමහල් දියණිය දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

ඉන්දීය ජාතික පවුලක් වන මොවුන් අතර ඇතිවූ ආරාවුලක් මීට හේතුවී ඇතැයි වාර්තා වනවා.

https://7news.com.au/news/crime-melbourne/melbourne-man-charged-over-alleged-double-homicide-of-wife-and-daughter-in-familys-mill-park-home-c-5438640

PIC – 7NEWS

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »