Day: January 13, 2022

රැපිඩ් ප්‍රථිඵල වාර්තා නොකරන Northern territory පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක්

නිවසේදී සිදුකරන රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵල පිළිබඳ වාර්තා නොකරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක් පැණවීමට Northern territory ප්‍රාන්තය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය මයිකල් ගනර් පැවසුවේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අත්‍යවශ්‍ය සේවාවල නිරත සේවකයන් සඳහා හුදකලා නීති ලිහිල් කිරීමටද පියවර ගන්නා බවයි. පොලිසිය – සෞඛ්‍ය සේවකයන් – සුපිරි වෙළඳසැල් සේවකයන් සඳහා එය බලාත්මක වනවා. සමීප ආශ්‍රිතයන් සියලු දෙනාට රැපිඩ් කට්ටල නොමිළයේ ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියා. නිවසේදී සිදුකරන රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵල පිළිබඳ වාර්තා

Read More »

ලබන සෙනසුරාදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා ලිහිල් – රැපිඩ් පරීක්ෂණයත් ඉවතට

ලබන සෙනසුරාදා සිට බලපැවැත්වෙන පරිදි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා ලිහිල් කර තිබෙනවා. මේ අනුව ගුවන් මගින් හෝ මහා මාර්ග ඔස්සේ ප්‍රාන්තයට පැමිණෙන ඕනෑම අයෙකු විසින් ප්‍රාන්ත සීමා බලපත්‍රයක් තබා ගැනීම අනිවාර්ය නොවනු ඇති. ජාත්‍යන්තර ගුවන් මගීන් පමණක් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ ප්‍රථිඵලය ඉදිරිපත් කල යුතු අතර දේශීය සංචාරකයන්ට පණවා තිබූ එම කොන්දේසියද ඉවත් කර ඇතැයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලා. ජාත්‍යන්තර සංචාරකයන් සඳහා දැනට බලාත්මක නිරෝධායන රෙගුලාසි ඉවත් කරනුයේ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා යාමෙන් පසුව බවයි ප්‍රාන්ත

Read More »

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ නරඹන්නන් සියයට 50 කින් අඩු කරයි

මෙල්බන් නුවර පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ නරඹන්නන් සංඛ්‍යාව සියයට 50 කින් අඩු කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය දැනුම්දී තිබෙනවා. මේ අනුව ආසන ධාරිතාවයෙන් අඩක් සම්පූර්ණ වු වහා ප්‍රවේශපත්‍ර අලෙවිය අත්හිටුවන බවයි තරග සංවිධායකයන් සඳහන් කලේ. එමෙන්ම තමන්ට ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට තරග කිරීමට අවසර හිමිවනු ඇතිදැයි සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් තවමත් දෙගිඩියාවකින් පසුවනවා. ඒ ඔහුගේ වීසා අයදුම්පත සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇතැයි මේ වනවිටත් තහවුරුවී තිබීම හේතුවෙන්. ඔස්ටේ්‍රලියානු නීතියට අනුව ජොකොවිච් පිටුවහල් කරන්නේද

Read More »

වික්ටෝරියා තවත් ක්ෂේත්‍ර කිහිපයක හුදකලා නීති ලිහිල් / Coles – Woolworths හිදීත් බූස්ටර් දෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ක්ෂේත්‍ර කිහිපයක සේවකයන්ට හුදකලා නීති ලිහිල් කර තිබෙනවා. ප්‍රාන්ත රජය අද නිවේදනය කලේ අධ්‍යාපන – ප්‍රවාහන – අත්‍යවශ්‍ය සැපයුම් සේවා සඳහාද ආහාර නිෂ්පාදන හා බෙදාහැරීම් අංශවලට දැනට බලාත්මක වන ආකාරයේ ලිහිල් කිරීම් සිදුකරන බවයි. ඒ අනුව කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව සිටී නම් අඛණ්ඩව දින 05 ක් රැපිඩ් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු සේවයට වාර්තා කිරීමට මෙම සේවකයන්ට අවසර ලැබෙන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කර සිටියා. දැනට ඔවුන්ට බලාත්මක දින 07 ක

Read More »

සේවක හිගයේ වැඩිම බලපෑම ඇති ක්ෂේත්‍රවල සිසුන්ට පැය 40 ඉක්මවා සේවයට අවසර

සේවක හිගය හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති ක්ෂේත්‍රවල රැකියා කරන සිසුන්ට සති 02 කට පැය 40 කට වඩා සේවය කිරීමට අවසර දීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා. එමෙන්ම විශ්‍රාම ගිය සේවකයන් හෝ නැවත සේවයට කැඳවීම කෙරෙහිද සැළසුම් කෙරෙමින් පවතින බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කලේ. ප්‍රවාහන – සෞඛ්‍ය – අධ්‍යාපන – පාසල් සේවා – බලශක්ති සැපයුම් වැනි සේවා රැසක සේවා සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා මේ වනවිට බිඳවැටීමක් පෙන්නුම් කරනවා. ඊට හේතුවී ඇත්තේ එම ක්ෂේත්‍රද ඇතුලුව අංශ

Read More »