සේවක හිගයේ වැඩිම බලපෑම ඇති ක්ෂේත්‍රවල සිසුන්ට පැය 40 ඉක්මවා සේවයට අවසර

සේවක හිගය හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති ක්ෂේත්‍රවල රැකියා කරන සිසුන්ට සති 02 කට පැය 40 කට වඩා සේවය කිරීමට අවසර දීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

එමෙන්ම විශ්‍රාම ගිය සේවකයන් හෝ නැවත සේවයට කැඳවීම කෙරෙහිද සැළසුම් කෙරෙමින් පවතින බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කලේ.

ප්‍රවාහන – සෞඛ්‍ය – අධ්‍යාපන – පාසල් සේවා – බලශක්ති සැපයුම් වැනි සේවා රැසක සේවා සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා මේ වනවිට බිඳවැටීමක් පෙන්නුම් කරනවා.

ඊට හේතුවී ඇත්තේ එම ක්ෂේත්‍රද ඇතුලුව අංශ රැසක සේවකයන් කොවිඩ් ආසාධිතයන් බවට පත්ව හුදකලා කර සිටිම හමුවේ සැපයුම් ජාල බිඳවැටීමයි.

ඇතැම් අංශවල සේවකයන්ගෙන් සියයට 50 ක් පමණ මේ දිනවල සේවයට වාර්තා නොකරන තත්වයකුයි උද්ගතවී ඇත්තේ.

https://7news.com.au/lifestyle/health-wellbeing/jobless-could-fill-essential-worker-roles-c-5273432?fbclid=IwAR0weCAYz9QOfTeGNL_DtngCG7LGJt1HucsIBxFwU4AnV8M0TKmGGlJW4bY

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »