
වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ක්ෂේත්‍ර කිහිපයක සේවකයන්ට හුදකලා නීති ලිහිල් කර තිබෙනවා.
ප්‍රාන්ත රජය අද නිවේදනය කලේ අධ්‍යාපන – ප්‍රවාහන – අත්‍යවශ්‍ය සැපයුම් සේවා සඳහාද ආහාර නිෂ්පාදන හා බෙදාහැරීම් අංශවලට දැනට බලාත්මක වන ආකාරයේ ලිහිල් කිරීම් සිදුකරන බවයි.
ඒ අනුව කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව සිටී නම් අඛණ්ඩව දින 05 ක් රැපිඩ් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු සේවයට වාර්තා කිරීමට මෙම සේවකයන්ට අවසර ලැබෙන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කර සිටියා.

දැනට ඔවුන්ට බලාත්මක දින 07 ක හුදකලා කාල සීමාව ලබන අගහරුවාදා සිට ඉවත් කෙරෙනු ඇති.
ඔවුන්ට රැකියා ස්ථානයට යාමට පමණක් අවසර හිමිවන අතර වෙනත් කිසිදු සමාජ කටයුත්තකට සහභාගී වීමට අවසර ලැබෙන්නේ නැහැ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ බූස්ටර් එන්නත් ලබාදෙන ස්ථාන ලෙස කෝල්ස් සහ වූල්ස්වර්ත් සුපිරි වෙළඳසැල් නම් කර ඇතැයිද ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘාස් ප්‍රකාශ කලා.
ඔවුන විසින්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුයුක්ත කරගත යුතු වනවා.