Search

ලබන සෙනසුරාදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා ලිහිල් – රැපිඩ් පරීක්ෂණයත් ඉවතට

ලබන සෙනසුරාදා සිට බලපැවැත්වෙන පරිදි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා ලිහිල් කර තිබෙනවා.

මේ අනුව ගුවන් මගින් හෝ මහා මාර්ග ඔස්සේ ප්‍රාන්තයට පැමිණෙන ඕනෑම අයෙකු විසින් ප්‍රාන්ත සීමා බලපත්‍රයක් තබා ගැනීම අනිවාර්ය නොවනු ඇති.

ජාත්‍යන්තර ගුවන් මගීන් පමණක් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ ප්‍රථිඵලය ඉදිරිපත් කල යුතු අතර දේශීය සංචාරකයන්ට පණවා තිබූ එම කොන්දේසියද ඉවත් කර ඇතැයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලා.

ජාත්‍යන්තර සංචාරකයන් සඳහා දැනට බලාත්මක නිරෝධායන රෙගුලාසි ඉවත් කරනුයේ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා යාමෙන් පසුව බවයි ප්‍රාන්ත අගමැතිනිය කියාසිටියේ.

ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 15,000 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබුණා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »