රැපිඩ් ප්‍රථිඵල වාර්තා නොකරන Northern territory පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක්

නිවසේදී සිදුකරන රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵල පිළිබඳ වාර්තා නොකරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක් පැණවීමට Northern territory ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය මයිකල් ගනර් පැවසුවේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අත්‍යවශ්‍ය සේවාවල නිරත සේවකයන් සඳහා හුදකලා නීති ලිහිල් කිරීමටද පියවර ගන්නා බවයි.

පොලිසිය – සෞඛ්‍ය සේවකයන් – සුපිරි වෙළඳසැල් සේවකයන් සඳහා එය බලාත්මක වනවා.

සමීප ආශ්‍රිතයන් සියලු දෙනාට රැපිඩ් කට්ටල නොමිළයේ ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියා.

නිවසේදී සිදුකරන රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵල පිළිබඳ වාර්තා නොකරන පුද්ගලයන්ට ඩොලර් 1000 ක දඩයක් පැණවීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය ඊයේ තීරණය කලා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »