Day: January 13, 2022

ජාතික කැබිනට් රැස්වීමක් අද – තවත් ක්ෂේත්‍ර රැසක සේවකයන්ට හුදකලා නීති ලිහිල් වන ළකුණු

කොවිඩ් ආශ්‍රිතයන් බවට පත්වූ තවත් ක්ෂේත්‍ර රැසක සිටින සේවකයන්ටද සේවයට වාර්තා කිරීම සඳහා අවසර දීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා. ප්‍රවාහන සහ logistics සේවකයන්ට එහිදී ප්‍රමුඛතාවය හිමිවනු ඇති. දැනට අඩාලව පවතින සැපයුම් ජාල යථා තත්වයට පත් කිරීමයි එහි අරමුණ වන්නේ. රැපිඩ් පරීක්ෂණයක් පමණක් සිදුකිරීමෙන් අනතුරුව නැවතත් සේවයට වාර්තා කිරීම සඳහා අවසර දීමටයි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී ඇත්තේ. ප්‍රවාහන සහ logistics ක්ෂේත්‍රවල සේවකයන්ගෙන් සියයට 20 ත් 50 ත් අතර පිරිසක් මේ වනවිට කොවිඩ් ආසාධිතයන් හෝ

Read More »

අත්‍යවශ්‍ය නොවන කරුණු සඳහා බටහිර ඔස්ටේ‍රලියාවට පැමිණිම අත්හිටුවයි

බටහිර ඔස්ටේ‍රලියාව විසින් අනෙකුත් සෑම ප්‍රාන්තයකම සිට අත්‍යවශ්‍ය නොවන කරුණු සඳහා පැමිණිම අත්හිටුවා තිබෙනවා. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අනෙක් සියලුම ප්‍රාන්ත දැඩි අවධානම් කලාප ලෙස නම් කිරීමත් සමගයි. මේ අනුව අත්‍යවශ්‍යම කරුණකට පමණක් නිසි ලෙස තහවුරු කිරීම්වලින් පසු බටහිර ඔස්ටේ්‍රලියාවට ඇතුලුවිය හැකි වනවා. ලබන මස 05 වනදා සිට නැවතත් ප්‍රාන්ත සීමා විවෘත කරන බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය නිවේදනය කරන්නේ. ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ව්‍යාප්තිය වළක්වා ගැනීම මෙහි අරමුණ බවයි ප්‍රාන්ත අගමැති මාර්ක් මැගෝවන් සඳහන්

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 37,169ක්! NSW ප්‍රාන්තයෙන් 92,264ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 37,169ක් හමුව ඇත. මරණ 25 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 221,726 කි. ඊයේ දිනයේදී (12) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 62,406 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 24,832 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1481385817667149824?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (12) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 92,264 ක් වාර්තා වි තිබේ. දැනට 2,383 දෙනෙකු රෝහල්ගතව

Read More »

තවත් ශ්‍රේණිගත ආයතනයක් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දමයි

තවත් ශ්‍රේණිගත ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දමා තිබෙනවා. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම පහත දමා ඇත්තේ සී සී සී ප්ලස් සිට සී සී සී මට්ටම දක්වායි. ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ජනවාරි 18 වනදා කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීමට කටයුතු සූදානම් කිරීම මධ්‍යයේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම සුදුසු නොවන බවයි. මේ අතර

Read More »

දකුණු ඔස්ටේ්‍රලියා නිවාස රැපිඩ් ප්‍රථිඵල දැනුම්දීම අද සිට අනිවාර්යයි

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ නිවාස තුළ සිදුකරන රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵල ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම්දීම අද සිට අනිවාර්ය වනවා. එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවන, ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් සඳහා නොමිළයේ රැපිඩ් කට්ටල 02 ක් ලබාදීමටයි ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ. එහිදී ඔවුන්ට රිසිට් පතක් නිකුත් කෙරෙන අතර එය ඉදිරිපත් කර ඕනෑම ස්ථානයකින් රැපිඩ් කට්ටල 02 ක් ලබාගත හැකියි. ප්‍රාන්තයේ සියයට 95 ක් පමණ ජනතාව නව වැඩපිළිවෙලට සහය දක්වනු ඇති බවයි ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් කියාසිටියේ. මේ අතර කොවිඩ් රෙගුලාසි කඩ

Read More »