Search

අත්‍යවශ්‍ය නොවන කරුණු සඳහා බටහිර ඔස්ටේ‍රලියාවට පැමිණිම අත්හිටුවයි

බටහිර ඔස්ටේ‍රලියාව විසින් අනෙකුත් සෑම ප්‍රාන්තයකම සිට අත්‍යවශ්‍ය නොවන කරුණු සඳහා පැමිණිම අත්හිටුවා තිබෙනවා.

ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අනෙක් සියලුම ප්‍රාන්ත දැඩි අවධානම් කලාප ලෙස නම් කිරීමත් සමගයි.

මේ අනුව අත්‍යවශ්‍යම කරුණකට පමණක් නිසි ලෙස තහවුරු කිරීම්වලින් පසු බටහිර ඔස්ටේ්‍රලියාවට ඇතුලුවිය හැකි වනවා.

ලබන මස 05 වනදා සිට නැවතත් ප්‍රාන්ත සීමා විවෘත කරන බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය නිවේදනය කරන්නේ.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ව්‍යාප්තිය වළක්වා ගැනීම මෙහි අරමුණ බවයි ප්‍රාන්ත අගමැති මාර්ක් මැගෝවන් සඳහන් කලේ.

පර්ත් නගරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ද පැය 72 කට පෙර පී සී ආර් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර පැමිණිමෙන් පසු 02 වන හා 06 වන දිනවලදී යළිත් පී සී ආර් පරීක්ෂණවලට භාජනය විය යුතුයි.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »