දකුණු ඔස්ටේ්‍රලියා නිවාස රැපිඩ් ප්‍රථිඵල දැනුම්දීම අද සිට අනිවාර්යයි

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ නිවාස තුළ සිදුකරන රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵල ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම්දීම අද සිට අනිවාර්ය වනවා.

එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවන, ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් සඳහා නොමිළයේ රැපිඩ් කට්ටල 02 ක් ලබාදීමටයි ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

එහිදී ඔවුන්ට රිසිට් පතක් නිකුත් කෙරෙන අතර එය ඉදිරිපත් කර ඕනෑම ස්ථානයකින් රැපිඩ් කට්ටල 02 ක් ලබාගත හැකියි.

ප්‍රාන්තයේ සියයට 95 ක් පමණ ජනතාව නව වැඩපිළිවෙලට සහය දක්වනු ඇති බවයි ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් කියාසිටියේ.

මේ අතර කොවිඩ් රෙගුලාසි කඩ කල ඇඩිලේඩ් අවන්හලකට ඩොලර් 10,000 ක කඩයක් පණවා තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »