තවත් ශ්‍රේණිගත ආයතනයක් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දමයි

තවත් ශ්‍රේණිගත ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දමා තිබෙනවා.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම පහත දමා ඇත්තේ සී සී සී ප්ලස් සිට සී සී සී මට්ටම දක්වායි.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජනවාරි 18 වනදා කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීමට කටයුතු සූදානම් කිරීම මධ්‍යයේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම සුදුසු නොවන බවයි.

මේ අතර මීට පෙර විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව සම්බන්ධයෙන් ෆිච් රේටින්ග්ස් ආයතනයද අනතුරු ඇගවීමක් සිදු කලා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සී සී සී සිට සී සී මට්ටම දක්වා පහත දමා තිබුණා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »