Day: January 10, 2022

ආශ්‍රිතයන් වූ වික්ටෝරියා සුපිරි වෙළඳසැල් සේවකයන්ටත් සේවයට පැමිණිමට අවසර

කොවිඩ් සමීප ආශ්‍රිතයන් බවට පත්ව ඇති සුපිරි වෙළඳසැල් සේවකයන්ට හුදකලාවීම අනිවාර්ය නොවන බවට වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින්ද නියමයක් පණවා තිබෙනවා. ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට එය බලාත්මක වන බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක සුපිරි වෙළඳසැල්වල පවතින සේවක හිගය හමුවේ සැපයුම් අඩාලවීම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ. කෙසේවෙතත් අදාළ සේවකයන් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකල යුතු අතර අඛණ්ඩව දින 05 ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකල සෘණාත්මක ප්‍රථිඵල ලැබිය යුතු වනවා.

Read More »

Just In : වික්ටෝරියා කොවිඩ් රෙගුලාසිවල වෙනසක් – ක්ෂේත්‍ර රැසකට බූස්ටර් අනිවාර්යයි – රෝහල් වෙන එන සංඛ්‍යාව සීමා කෙරේ

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂේත්‍ර කිහිපයක සේවකයන් සඳහා බූස්ටර් එන්නත අනිවාර්ය කර තිබෙනවා. සෞඛ්‍ය සේවකයන් – වැඩිහිටි නිවාස කාර්ය මණ්ඩල – හදිසි සේවා සේවකයන් සහ නිරෝධායන හෝටල් සේවකයන් සඳහා එය බලාත්මක වනු ඇති. ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී පැවසුවේ ආහාර බෙදා හරින සේවකයන් සඳහා ද එය බලාත්මක වන බවයි. කෙසේවෙතත් සුපිරි වෙළඳසැල් සේවකයන්ට සහ සිල්ලර වෙළඳසැල් සේවකයන්ට එය අනිවාර්ය කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියා. මේ අතර ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට Hospitality සහ

Read More »

එන්නත ගන්නවාද – රෝහල් ඇඳක දුක් විඳිනවාද – අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්

මේ දිනවල කොවිඩ් වැළඳී රෝහල්ගතවන බහුතරයක් එන්නත්කරණයට ලක් නොවූවන් බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. කැන්බරා නුවර අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමු වන ලෙසයි. නොඑසේනම් රෝහල් ඇඳක් මත කල් ගත කිරීමට සූදානම් වන ලෙසයි ඔහු ජනතාවට අවධාරණය කරන්නේ. බූස්ටර් එන්නත ලබා ගැනීමට ඉදිරිපත්වන ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළයාම සතුටුදායක බවද අගමැති මොරිසන් කියාසිටියා. දැනටමත් මිලියන 05 කට ආසන්න පිරිසක් බූස්ටර් මාත්‍රා ලබාගෙන අවසන් බවයි අගමැතිවරයා ප්‍රකාශ කලේ. මේ වනවිට රට

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින්ක් 34,808ක්! NSW ප්‍රාන්තයෙන් 20,293ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 34,808 ක් හමුව ඇත. මරණ 2 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 161,065 කි. ඊයේ දිනයේදී (09) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 78,093 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 12,506 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1480298633329209344?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (09) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 20,293 ක් වාර්තා වි තිබේ. දැනට 2,030 දෙනෙකු

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ 05 ත් 11 ත් අතර ළමුන්ට කොවිඩ් එන්නත්කරණය අද සිට

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට කොවිඩ් එන්නත්කරණය අද ආරම්භ වනවා. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලේ අදාළ වයස් කාණ්ඩයේ ළමුන් ලක්ෂ 23 කට මෙහිදී ෆයිසර් එන්නත් ලබාදීමට නියමිත බවයි. මෙම සියල්ලන්ට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රාද තවත් සති 02 ක් වනවිට ලැබී අවසන් වනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ. දෙමව්පියන්ට සිය දරුවන් වෙනුවෙන් එන්නත්කරණය සඳහා ඔන්ලයින් ක්‍රමයට දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමටද අවස්ථාව පවතිනවා. අගමැති ස්කොට් මොරිසන්

Read More »