ආශ්‍රිතයන් වූ වික්ටෝරියා සුපිරි වෙළඳසැල් සේවකයන්ටත් සේවයට පැමිණිමට අවසර

කොවිඩ් සමීප ආශ්‍රිතයන් බවට පත්ව ඇති සුපිරි වෙළඳසැල් සේවකයන්ට හුදකලාවීම අනිවාර්ය නොවන බවට වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින්ද නියමයක් පණවා තිබෙනවා.

ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට එය බලාත්මක වන බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක සුපිරි වෙළඳසැල්වල පවතින සේවක හිගය හමුවේ සැපයුම් අඩාලවීම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේවෙතත් අදාළ සේවකයන් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකල යුතු අතර අඛණ්ඩව දින 05 ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකල සෘණාත්මක ප්‍රථිඵල ලැබිය යුතු වනවා.

මේ සමාන රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් සුපිරි වෙළඳ සැල් සේවකයන්ටද පසුගියදා පණවනු ලැබුවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »