ඔස්ටේ්‍රලියාව තුළ 05 ත් 11 ත් අතර ළමුන්ට කොවිඩ් එන්නත්කරණය අද සිට

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට කොවිඩ් එන්නත්කරණය අද ආරම්භ වනවා.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලේ අදාළ වයස් කාණ්ඩයේ ළමුන් ලක්ෂ 23 කට මෙහිදී ෆයිසර් එන්නත් ලබාදීමට නියමිත බවයි.

මෙම සියල්ලන්ට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රාද තවත් සති 02 ක් වනවිට ලැබී අවසන් වනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

දෙමව්පියන්ට සිය දරුවන් වෙනුවෙන් එන්නත්කරණය සඳහා ඔන්ලයින් ක්‍රමයට දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමටද අවස්ථාව පවතිනවා.

අගමැති ස්කොට් මොරිසන් පසුගියදා පැවසුවේ පාසල් අධ්‍යයන කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කිරීමේ අරමුණ ඇතිව ළමුන් එන්නත්කරණය වේගවත් කිරීමට පියවර ගන්නා බවයි.

ජීවිත 15ක් අහිමි කළ කියපු දේ අහපු නැති දුම්රිය අනතුර

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් තවත් 60 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකිකයෙකුගේ දස්කම් එක්ක 2026 T20 ලෝක කුසලානයට එන්න ඉතාලිය පළමු පියවර තබයි

2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා ලබන වසරේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ඉදිරිපත් වීම සඳහා ඉතාලිය වරම් හිමි කරගෙන තිබෙනවා.

Read More »

නවසීලන්තයේ සිට මෙල්බන් බලා ආ ගුවන් යානයක එන්ජිමක් ගිනි ගනී

මෙල්බන් බලා ගමන් කරමින් තිබූ වර්ජින් සමාගමේ ගුවන් යානයක එන්ජිමක් ගිනි ගැනීම හේතුවේන හදිසි ගොඩබැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

කාන්තාවක් නිසා ඉතාලියේ ශ්‍රී ලාංකිකයෙක් මිතුරාට කළ අපරාධය

ඉතාලියේ නේපල්ස්හි (Naples) හි නීතිවිරෝධී ලෙස පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු එහි සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »