ජීවිත 15ක් අහිමි කළ කියපු දේ අහපු නැති දුම්රිය අනතුර

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් තවත් 60 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා තිබෙනවා.

ඩාර්ජිලින්ග් දිස්ත්‍රික්කයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන අධිවේගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්.

අද උදෑසන භාණ්ඩ දුම්රියක් නවතා තිබූ සීඝ්‍රගාමී මගී දුම්රියක් වන කන්චෙන්ජුන්ගා දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

ඉන්දීය දුම්රිය බලධාරීන් පවසන්නේ කිසියම් අයෙකුගේ අත්වැරදීමක් අනතුරට හේතු වන්නට ඇති අතර සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන බවයි.

මියගිය පිරිස අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ රියදුරු මෙන්ම සහායක රියදුරු සහ කන්චෙන්ජුන්ගා සීඝ්‍රගාමී දුම්රියේ මුරකරු ද වන බවයි වාර්තා වන්නේ.

මූලික විමර්ශනයට අනුව භාණ්ඩ දුම්රියේ රියදුරු සංඥා නොතකා ධාවනය කර ඇති බව පෙනී ගොස් ඇතැයි ද සඳහන්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති අතර සහන මෙහෙයුම් පිළිබඳව ද නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අනතුරින් මියගිය අයගේ පවුල් සඳහා රුපියල් 200,000ක් සහ තුවාල ලැබූ මගියෙක් සඳහා රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ද ලබාදෙන බවයි ඉන්දීය අගමැතිවරයා නිවේදනය කළේ.

පසුගිය 2023 වසරේදී ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 290ක් පමණ මිය ගොස් 1,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »