එන්නත ගන්නවාද – රෝහල් ඇඳක දුක් විඳිනවාද – අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්

මේ දිනවල කොවිඩ් වැළඳී රෝහල්ගතවන බහුතරයක් එන්නත්කරණයට ලක් නොවූවන් බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

කැන්බරා නුවර අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමු වන ලෙසයි.

නොඑසේනම් රෝහල් ඇඳක් මත කල් ගත කිරීමට සූදානම් වන ලෙසයි ඔහු ජනතාවට අවධාරණය කරන්නේ.

බූස්ටර් එන්නත ලබා ගැනීමට ඉදිරිපත්වන ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළයාම සතුටුදායක බවද අගමැති මොරිසන් කියාසිටියා.

දැනටමත් මිලියන 05 කට ආසන්න පිරිසක් බූස්ටර් මාත්‍රා ලබාගෙන අවසන් බවයි අගමැතිවරයා ප්‍රකාශ කලේ.

මේ වනවිට රට තුළ සිටින සක්‍රීය කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා ගොස් ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »