Just In : වික්ටෝරියා කොවිඩ් රෙගුලාසිවල වෙනසක් – ක්ෂේත්‍ර රැසකට බූස්ටර් අනිවාර්යයි – රෝහල් වෙන එන සංඛ්‍යාව සීමා කෙරේ

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂේත්‍ර කිහිපයක සේවකයන් සඳහා බූස්ටර් එන්නත අනිවාර්ය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවකයන් – වැඩිහිටි නිවාස කාර්ය මණ්ඩල – හදිසි සේවා සේවකයන් සහ නිරෝධායන හෝටල් සේවකයන් සඳහා එය බලාත්මක වනු ඇති.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී පැවසුවේ ආහාර බෙදා හරින සේවකයන් සඳහා ද එය බලාත්මක වන බවයි.

කෙසේවෙතත් සුපිරි වෙළඳසැල් සේවකයන්ට සහ සිල්ලර වෙළඳසැල් සේවකයන්ට එය අනිවාර්ය කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

මේ අතර ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට Hospitality සහ විනෝදාස්වාද ස්ථානවල නර්තනයේ යෙදීම තහනම් කර තිබෙනවා.

රෝහල් සහ aged care වෙත පැමිණිය හැකි සංඛ්‍යාවද සීමා කෙරෙන බවයි වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

ඒ අනුව aged care සිටින එක් අයෙකු බැලීම සඳහා දිනයකට පැමිණිය හැකි වනුයේ අමුත්තන් 05 දෙනෙකු පමණයි.

ඔවුන්ද පැමිණීමට පෙර රැපිඩ් පරීක්ෂණ සිදුකල යුතු වනවා.

වික්ටෝරියා රෝහල් වෙත පැමිණෙන සියලු දෙනා එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන සිටිය යුතුයි.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-and-latest-omicron-headlines-january-10-2022-covid-djokovic-australian-open-court-case/d63b4a65-5664-419b-abc7-47ba1f8e5cbc

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »