Day: December 12, 2021

ඩොලර් බිලියන 05 ක මත්ද්‍රව්‍ය ටොන් 26 ක් ඔස්ටේ්‍රලියාවේදී ගිනි තබා විනාශ කෙරේ

මෙම වසර තුළදි මත්ද්‍රව්‍ය ටොන් 26 කට ආසන්න ප්‍රමාණයක් ගිණි තබා විනාශ කල බව ඔස්ටේ‍රලියානු ෆෙඩරල් පොලිසිය පවසනවා. එම බර ප්‍රමාණය හොඳින් වැඩුණු අප්‍රිකානු අලින් 04 දෙනෙකුගේ බරට සමානවීම විශේෂත්වයක්. මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම ඩොලර් බිලියන 05 කට අධිකයි. වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එනම් ටොන් 19.4 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනි. methamphetamine, MDMA, amphetamines, cannabis යන වර්ගවලට අයත් මත්ද්‍රව්‍ය මෙලෙස ගිණිතබා විනාශ කෙරුණු බව ෆෙඩරල් පොලිසිය සඳහන් කලා.

Read More »

ඔමික්‍රොන් ආසාධනය වී පළමුවරට ඔස්ටේ්‍රලියාවේදී පුද්ගලයෙකු රෝහල්ගත කරයි

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධනය වීමෙන් පළමුවරට ඔස්ටේ්‍රලියාවේදී පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසියෙකු මෙලෙස රෝහල්ගත කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ. ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් ගණන 485 ක් වන අතර ඉන් 10 දෙනෙකුම ඔමික්‍රොන් ආසාධිත බව හෙළිකර ගැණුනා. මේ අනුව දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිතයන් ගණන 55 කි. ලබන 15 වනදා සිට සිඩ්නි නගරයේ කොවිඩ් රෙගුලාසි ගණනාවක් ලිහිල් කිරීමටද නියමිතයි. ඒ අනුව එන්නත් ගෙන

Read More »

ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික ශ්‍රී ලංකාවෙන්

ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙනවා. එහි බර කිලෝග්‍රෑම් 310 ක් වන අතර එහි කැරට් 15 ලක්ෂ 50 000 ක් අඩංගු බව සඳහන්. මෙම නිල් මැණික සඳහා ක්වීන් ඔෆ් ඒෂියා හෙවත් ආසියාවේ රැජිණ ලෙස නම් තබා තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෙම මැණික හමුවී තිබෙනවා. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කලේ එම මැණික් ගල නිරීක්ෂණය සඳහා මේ වනවිටත් නිළධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි.

Read More »

ක්වීන්ස්ලන්ඩ් සිට පැමිණෙන පුද්ගලයන් සඳහා බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා දැඩි කෙරේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිට පැමිණෙන පුද්ගලයන් සඳහා වන ප්‍රාන්ත සීමා දැඩි කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසුවේ ක්වීන්ස්ලන්ඩ් හි කොවිඩ් තත්වය නැවත වැඩිවීමක් පෙන්නුම් කිරීම ඊට හේතුව බවයි. මේ අනුව හෙට සිට ක්වීන්ස්ලන්ඩ් සිට බටහිර ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පුද්ගලයන් පූර්ණ එන්නත්රිණයට ලක්ව සිටිය යුතු වනවා. සෘණාත්මක පී සී ආර් වාර්තාවක් දැරිය යුතුවීම සහ පැමිණීමෙන් පසු දින 14 ක නිරෝධායනයට ලක්වීමද අනිවාර්ය වනු ඇති. දැනටමත් ක්වීන්ස්ලන්ඩ් සිට පැමිණ ඇති කවරෙකු හෝ වෙතොත්

Read More »