ඔමික්‍රොන් ආසාධනය වී පළමුවරට ඔස්ටේ්‍රලියාවේදී පුද්ගලයෙකු රෝහල්ගත කරයි

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධනය වීමෙන් පළමුවරට ඔස්ටේ්‍රලියාවේදී පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසියෙකු මෙලෙස රෝහල්ගත කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් ගණන 485 ක් වන අතර ඉන් 10 දෙනෙකුම ඔමික්‍රොන් ආසාධිත බව හෙළිකර ගැණුනා.

මේ අනුව දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිතයන් ගණන 55 කි.

ලබන 15 වනදා සිට සිඩ්නි නගරයේ කොවිඩ් රෙගුලාසි ගණනාවක් ලිහිල් කිරීමටද නියමිතයි.

ඒ අනුව එන්නත් ගෙන නොමැති අයට පවා Pubs, Cafe ඇතුලු ස්ථාන වෙත පැමිණිය හැකි වනවා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »