ඩොලර් බිලියන 05 ක මත්ද්‍රව්‍ය ටොන් 26 ක් ඔස්ටේ්‍රලියාවේදී ගිනි තබා විනාශ කෙරේ

මෙම වසර තුළදි මත්ද්‍රව්‍ය ටොන් 26 කට ආසන්න ප්‍රමාණයක් ගිණි තබා විනාශ කල බව ඔස්ටේ‍රලියානු ෆෙඩරල් පොලිසිය පවසනවා.

එම බර ප්‍රමාණය හොඳින් වැඩුණු අප්‍රිකානු අලින් 04 දෙනෙකුගේ බරට සමානවීම විශේෂත්වයක්.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම ඩොලර් බිලියන 05 කට අධිකයි.

වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එනම් ටොන් 19.4 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනි.

methamphetamine, MDMA, amphetamines, cannabis යන වර්ගවලට අයත් මත්ද්‍රව්‍ය මෙලෙස ගිණිතබා විනාශ කෙරුණු බව ෆෙඩරල් පොලිසිය සඳහන් කලා.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »