ක්වීන්ස්ලන්ඩ් සිට පැමිණෙන පුද්ගලයන් සඳහා බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා දැඩි කෙරේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිට පැමිණෙන පුද්ගලයන් සඳහා වන ප්‍රාන්ත සීමා දැඩි කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසුවේ ක්වීන්ස්ලන්ඩ් හි කොවිඩ් තත්වය නැවත වැඩිවීමක් පෙන්නුම් කිරීම ඊට හේතුව බවයි.

මේ අනුව හෙට සිට ක්වීන්ස්ලන්ඩ් සිට බටහිර ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පුද්ගලයන් පූර්ණ එන්නත්රිණයට ලක්ව සිටිය යුතු වනවා.

සෘණාත්මක පී සී ආර් වාර්තාවක් දැරිය යුතුවීම සහ පැමිණීමෙන් පසු දින 14 ක නිරෝධායනයට ලක්වීමද අනිවාර්ය වනු ඇති.

දැනටමත් ක්වීන්ස්ලන්ඩ් සිට පැමිණ ඇති කවරෙකු හෝ වෙතොත් දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

මේ අතර හෙට සිට සිය ප්‍රාන්ත සීමා ලිහිල් කිරීමටයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය සුදානමින් සිටින්නේ.

මාස 05 කට පසුවයි ඔවුන් මෙලෙස ප්‍රාන්ත සීමා ලිහිල් කරනු ලබන්නේ.

ඒ අනුව ඕනෑම ප්‍රාන්තයක සිට පැමිණෙන පුර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට නිරෝධායනයකින් තොරව ක්වීන්ස්ලන්ඩ් වෙත ඇතුලුවීමට අවසර පවතිනවා.

කෙසේවෙතත් Hotspots ලෙස නම්කර ඇති ප්‍රදේශවල සිට පැමිණේ නම් පැය 72 ක් තුළ පී සී ආර් වාර්තාවක් ලබාදිය යුතුයි.

https://7news.com.au/lifestyle/health-wellbeing/everything-you-need-to-know-as-queenslands-border-finally-reopens-to-australia-c-4914002

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »