Day: December 12, 2021

මෙල්බන් සහ සිඩ්නි නගරවල අද දිනයේදීත් දැවැන්ත විරෝධතා

එන්නත්කරණ නීති සහ වසංගත රෙගුලාසිවලට විරෝධය පළකර මෙල්බන් සහ සිඩ්නි නගරවල අද දිනයේදීත් දැවැන්ත විරෝධතා ආරම්භ වී තිබෙනවා. වික්ටෝරියා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළදීයි මෙල්බන් නගරයේ විරෝධතාවය පැවැත්වෙන්නේ. ඔවුන් ඉල්ලා සිටින්නේ vaccine passport අනිවාර්ය කිරීමට එරෙහිවන ලෙසයි. වික්ටෝරියා නව වසංගත රෙගුලාසි සඳහා අගමැති ඩැනියල් ඇන්ඩෲස් පසුගිය සිකුරාදා අත්සන් තැබීමෙන් පසු පැවැත්වෙන පළමු විරෝධතාවය මෙයයි. එය ලබන 16 වනදා සිට බලාත්මක වනු ඇති.

Read More »

Centrelink payments ඉහළ දැමීමත් සමග ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 53 කට අමතර මුදල්

Centrelink payments යටතේ සිදුකරන ගෙවීම් ඉහළ දැමීමත් සමග ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 53 කට වැඩි පිරිසකට අමතර මුදල් හිමිවන බව අනාවරණය වී තිබෙනවා. the age pension, JobSeeker සහ වෙනත් සමාජ ආරක්ෂණ දීමනා ලබන පිරිස් වෙතයි ඉහළ දැමීමට ෆෙඩරල් රජය කටයුතු කලේ. මේ අනුව තනි පුද්ගලයෙකු සඳහා ලැබෙන විශ්‍රාම වැටුප පසුගිය සැප්තැම්බර් 20 වනදා සිට ඩොලර් 14.80 කින් ඉහළ දැමුණු අතර ඒ අනුව සති 02 කට ඔවුන්ට ලැබෙන මුදල ඩොලර් 967.50 කි. යුවළක් වෙනුවෙන් වැඩි කල මුදල ඩොලර්

Read More »

The Voice කිරුළ දිනූ හරිත්ගේ පළමු ජාත්‍යන්තර ප්‍රසංගය ලබන ජනවාරි 21 මෙල්බන් හිදී

The Voice අන්තර්ජාතික සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ පැවති පළමු තරගය The Voice අවසාන මහා තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. තරගකරුවන් 100 කට ආසන්න පිරිසක් අතුරින් අවසන් මහා තරගයට තේරී පත්ව සිටියේ, හරිත් විජේරත්න, මියුරු සෝමරත්න, තිලිණ සුදේශ්, ජුලියස් මිචෙල් යන තරගකරුවන් ය. ඊයේ (11) රාත්‍රි පැවති අවසන් මහා තරගයේදී හරිත් විජේරත්න – ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ , ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තේ ය. වොයිස් වේදිකාවේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ උමාරියා සිංහවංශ, ශෂිකා නිසංසලා, කසුන් කල්හාර,

Read More »

මෙල්බන් අධිවේගී මාර්ගයක 250km/h ට වැඩි වේගයකින් යතුරුපැදිය ධාවනය කල අයෙකුට දඩ

පැයට කිලෝමීටර් 250 කට වැඩි වේගයකින් මෙල්බන් අධිවේගී මාර්ගයක යතුරුපැදියක් ධාවනය කල පුද්ගලයෙකුට එරෙහිව දඩ නියම කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පියවර ගෙන තිබෙනවා. Princes Freeway හි Werribee ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 08 යි 30 ට පමණ 28 හැවිරිදි මෙම තරුණයා පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබෙනවා. අනතුරුව මොහු Wyndham Vale හි පිහිටා ඇති නිවසකට ගොස් ඇති අතර එහිදී පොලිසිය විසින් යතුරු පැදිය සිය භාරයට ගෙන තිබෙනවා. අධි වේගයෙන් රිය පැදවීම ඇතුලු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව ගොණු කිරීමට නියමිතයි.

Read More »