Centrelink payments ඉහළ දැමීමත් සමග ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 53 කට අමතර මුදල්

Centrelink payments යටතේ සිදුකරන ගෙවීම් ඉහළ දැමීමත් සමග ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 53 කට වැඩි පිරිසකට අමතර මුදල් හිමිවන බව අනාවරණය වී තිබෙනවා.

the age pension, JobSeeker සහ වෙනත් සමාජ ආරක්ෂණ දීමනා ලබන පිරිස් වෙතයි ඉහළ දැමීමට ෆෙඩරල් රජය කටයුතු කලේ.

මේ අනුව තනි පුද්ගලයෙකු සඳහා ලැබෙන විශ්‍රාම වැටුප පසුගිය සැප්තැම්බර් 20 වනදා සිට ඩොලර් 14.80 කින් ඉහළ දැමුණු අතර ඒ අනුව සති 02 කට ඔවුන්ට ලැබෙන මුදල ඩොලර් 967.50 කි.

යුවළක් වෙනුවෙන් වැඩි කල මුදල ඩොලර් 22.40 කි.

මේ අනුව එක් වසරකට තනි පුද්ගලයෙකු සඳහා ඩොලර් 25,155 ක විශ්‍රාම වැටුපක් හිමිවන අතර යුවළක් නම් එය ඩොලර් 37,923 ක් වනු ඇත.

JobSeeker දීමනාවද ඩොලර් 11.90 කින් ඉහළ දමන ලදී.

2014 වසරෙන් පසු මෙතරම් ඉහළ අගයකින් මෙම දීමනා වැඩි කල පළමු අවස්ථාව මෙයයි.

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »