Search

මෙල්බන් සහ සිඩ්නි නගරවල අද දිනයේදීත් දැවැන්ත විරෝධතා

එන්නත්කරණ නීති සහ වසංගත රෙගුලාසිවලට විරෝධය පළකර මෙල්බන් සහ සිඩ්නි නගරවල අද දිනයේදීත් දැවැන්ත විරෝධතා ආරම්භ වී තිබෙනවා.

වික්ටෝරියා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළදීයි මෙල්බන් නගරයේ විරෝධතාවය පැවැත්වෙන්නේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ vaccine passport අනිවාර්ය කිරීමට එරෙහිවන ලෙසයි.

වික්ටෝරියා නව වසංගත රෙගුලාසි සඳහා අගමැති ඩැනියල් ඇන්ඩෲස් පසුගිය සිකුරාදා අත්සන් තැබීමෙන් පසු පැවැත්වෙන පළමු විරෝධතාවය මෙයයි.

එය ලබන 16 වනදා සිට බලාත්මක වනු ඇති.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »