The Voice කිරුළ දිනූ හරිත්ගේ පළමු ජාත්‍යන්තර ප්‍රසංගය ලබන ජනවාරි 21 මෙල්බන් හිදී

The Voice අන්තර්ජාතික සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ පැවති පළමු තරගය The Voice අවසාන මහා තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

තරගකරුවන් 100 කට ආසන්න පිරිසක් අතුරින් අවසන් මහා තරගයට තේරී පත්ව සිටියේ, හරිත් විජේරත්න, මියුරු සෝමරත්න, තිලිණ සුදේශ්, ජුලියස් මිචෙල් යන තරගකරුවන් ය.

ඊයේ (11) රාත්‍රි පැවති අවසන් මහා තරගයේදී හරිත් විජේරත්න – ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ , ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තේ ය.

වොයිස් වේදිකාවේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ උමාරියා සිංහවංශ, ශෂිකා නිසංසලා, කසුන් කල්හාර, භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන කලාකරුවන් ද වොයිස් වේදිකාව ගීතවත් කළේ ය.

අවසන් මහා තරගයේ උච්චතම අවස්ථාව වූයේ ද වොයිස් ශ්‍රී ලංකා ජයග්‍රහකයා තෝරා පත් කර ගැනීමයි.

ඒ අනුව ප්‍රේක්ෂක මනාපයෙන් මෙවර ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ හරිත් විජේරත්නට හිමිවිය .

ඔහු නියෝජනය කලේ Coach උමාරියා ගේ කණ්ඩායමයි.

ජයග්‍රාහකයින්ට රුපියල් මිලියන ගණනක ත්‍යාග ඇතුළු ත්‍යාග රැසක් හිමිවිය.

මෙහි සිදුවූ සුවිශේෂීම කරුණ වන්නේ හරිත් සිය පළමු ජාත්‍යන්තර සංදර්ශනය ලෙස පැමිණෙනුයේ ඔස්ටේ්‍රලියාවට වීමයි.

ඔහුට එම අවස්ථාව හිමිවන්නේ මෙගා ලයිව් ඉවෙන්ට්ස් හි මාලක යාපා ගේ පුරෝගාමීත්වයෙනි.

ඊට අදාළ ත්‍යාගයද හරිත්ට ඊයේ දෙනු ලැබු අවස්ථාවයි මේ.

මේ අනුව ප්‍රධාන පෙළේ සංදර්ශනයක් ලෙස ජනවාරි 21 වනදා මෙල්බන් නුවරදී හරිත් විජේරත්න සහභාගීවන ප්‍රසංගය පැවැත්වෙනවා.

හරිත්ගේ පුහුණුකාරිනිය වන උමාරියා සිංහවංශ මෙන්ම ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී සනුක වික්‍රමසිංහ ද මේ සඳහා සහභාගී වනවා.

මෙල්බන් නුවර සිටින දක්ෂ සංගීත කණ්ඩායමක් වන The Battered විසිනුයි එහිදී සංගීතය සපයනු ලබන්නේ.

මෙය ඉතාම විශේෂ අවස්ථාවක් බව මෙගා ලයිව් ඉවෙන්ට්ස් හි මාලක යාපා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ රියැලිටි තරගයක් අවසන් වූ වහාම ජයග්‍රාහකයා ඔස්ටේ්‍රලියාවේ ප්‍රසංගයක් සඳහා පැමිණෙන පළමු අවස්ථාව ද මෙයවීම විශේෂත්වයකි.

මෙවර කිරුළ වෙනත් අයෙකු විසින් දිනාගනු ඇති බවට අනාවැකි පළවී තිබූ අවස්ථාවකදී ඉහළම දක්ෂතා දැක්වූ හරිත් විසින් එය දිනාගැනීම බොහෝ පිරිසකගේ ඇගයීමට ලක්විය.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »